Update : ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේදී සම්මත වේ.

Friday, 13 December 2013 - 9:07

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.
මෙරට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ (12) මේ සම්බන්ධයෙන් යෝජනාවක් ද සම්මත කර ගත්තා. ප්‍රංශයේ ස්ට්‍රස්බර්ග් නුවර ඊයේ පැවති යුරෝපා පාර්ලිමේන්තු සැසිවාරයේදී සම්මත කර ගත් යෝජනා තුනෙන් එකක් වන්නේ එයයි. ඒ සම්බන්ධයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තුව නිවේදනයක් ද නිකුත් කළා. එහි දැක්වෙන්නේ යුද්ධයෙන් පසු සාමය ස්ථාවර කිරීමට ලක් රජය ගෙන ඇති පියවර යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදයට ලක්වූ බවයි. උතුරේ ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද ඔවුන් සතුට පළ කළා. එහෙත් ගැටුම් පැවති ප්‍රදේශවල ආරක්ෂක අංශ හමුදා විශාල වශයෙන් රැදී සිටීම ඇතැම් මන්ත්‍රීවරුන් අනුමත කර නැහැ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මුළුමනින් ක්‍රියාත්මක කරන අතරතුර එමගින් නිර්දේශ කර ඇති විශ්වසනීයත්වයෙන් යුත්, පරීක්ෂණ පැවැත්වීම ද අවශ්‍යතාවක්. උතුරේ හමුදා භට පිරිස් අඩු කිරීම සහ ඉඩම් ගැටලූ විසඳීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම ද ලක් රජය සිදුකළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තුව ප්‍රකාශ කළා.

Update : Friday, 13 December 2013 - 13:02
-------------------------------------
යුරෝපා පාර්ලිමේන්තුවෙන් ශ්‍රී ලංකාව ගැන යෝජනාවක්. 

මෙරට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ මේ සම්බන්ධයෙන් යෝජනාවක් ද සම්මත කර ගත්තා. එමෙන්ම, යුද්ධයෙන් පසු සාමය ස්ථාවර කිරීමට සහ උතුරේ මැතිවරණ පැවැත්වීමට ලක් රජය ගනු ලැබූ පියවර යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදයට ලක් වුණ


2021 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More