Update : ජයලලිතාගෙන් තර්ජනාංගුලියක්.

Friday, 13 December 2013 - 9:54

Update+%3A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉන්දීය ධීවරයන් 140 දෙනෙකු පැය 24 ක කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කැඳවන ලෙස තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම, ඉන්දීය ධීවරයින් මුදා ගැනීම සඳහා ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතු බවයි ඇය පවසා ඇත්තේ. නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කැඳවා ප්‍රශ්න කරන ලෙස ජයලලිතා ඉල්ලා ඇත්තේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත යොමුකළ ලිපියකින්. එහිදී ඇය ඉල්ලා ඇත්තේ ඉන්දීය ධීවරයන් මුදා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් නොපමාව කටයුතු කළ යුතු බවයි. ඉන්දීය ධීවරයන් මහා පරිමාණ වශයෙන් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම ප්‍රසිද්ධ කරුණක්. ඒ බව ජයලලිතාගේ ප්‍රකාශයකින්ම පැහැදිලි වුණා. ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ අවසන් සිද්ධිය පිළිබඳව අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ඉන්දීය ධීවර බෝට්ටු 47 ක් සහ ධීවරයන් 325 දෙනෙකු එම අවස්ථාවේ, එම මුහුදු තීරයේ මසුන් මරමින් සිටි බවයි. ධීවර බෝට්ටු 15 ක් සහ ධීවරයන් 111 දෙනෙකු මෙරට නාවික හමුදාවට භාර වූ බවත්, බෝට්ටු 32 ක් සහ ධීවරයන් 215 දෙනෙකු නැවත තමිල්නාඩුවට පැමිණි බවත් ඇය සඳහන් කළා.

Update : Friday, 13 December 2013 - 13:19
---------------------------------------------------------
ජයලලිතාගෙන් අනතුරු ඇගවීමක්.

ඉන්දීය ධීවරයන් 140 දෙනෙකු පැය 24 ක කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කැඳවන ලෙස තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම, ඉන්දීය ධීවරයින් මුදා ගැනීම සඳහා ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතු බවයි ඇය පවසා ඇත්තේ. නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කැඳවා ප්‍රශ්න කරන ලෙස ජයලලිතා ඉල්ලා ඇත්තේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත යොමුකළ ලිපියකින්.


ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More