අනුරාධපුර විපක්ෂ නායකට පොලිස් ඇප.

Friday, 13 December 2013 - 15:15

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4.
අනුරාධපුර නාගරික කොමසාරිස්වරයාට තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ඔහුට මේ මස 17 වන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ. අනුරාධපුර මහ නගර සභාවේ අය වැය ඡන්ද විමසීම පැවැති පසුගිය 9 වන දා නාගරික කොමසාරිස් රෝහණ ධර්මදාසට තර්ජනය කර පහරදීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව සැකකාර විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර අද (13) පොලීසියට පැමිණ භාර වී ඇති අතර, අනතුරුවයි පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ.  


තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More