වීඩියෝ: කොටකෙතන ඝාතන නඩුවකට විශේෂ ජූරි සභාවක්.

Friday, 13 December 2013 - 18:58

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ දී  මවක සහ දියණියක කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ අද (13) නියෝග කළා. ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි. මෙය විශේෂ ජුරි සභාවක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්. ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කළේ මෙම නඩුව විශේෂ ජුරි සභාවක් ඉදිරියේ ලබන වසරේ පෙබරවාරි 6 වන දා විභාගයට ගන්නා ලෙසයි. අද (13) මෙම නඩුව කැදවන අවස්ථාවේදී සැකකරුවන්ගේ දරුවන් ද සාක්ෂියට කැදවා තිබුණා. එහිදී මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කළේ දරුවන්ගේ ඡායාරූප විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යවල පළ නොකරන ලෙසයි.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි 31 වන දායි. ඊට අදාළව ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිද වන රසිකා චාන්දනී නැමැත්තිය චෝදනා ලැබ සිටිනවා.



ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More

රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි
Saturday, 30 May 2020 - 7:56

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින්... Read More

රටවල් 123ක 42,500ක ශ්‍රී ලාංකිකයන්, දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් - ගුවන්ගතවීමට පෙරම පී.සී.ආර්. පරීක්ෂණ
Saturday, 30 May 2020 - 7:37

විදෙස්ගතව සිටින මෙරට විගාමික ශ්‍රමිකයන් ඔවුන්ගේ ඉල්ලීම්... Read More