පළාත් පාලන ආයතන 8ක සභාපතිවරුන් ඉවතට.

Friday, 13 December 2013 - 19:04

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+8%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන පළාත් පාලන ආයතන 3ක අය වැය දෙවන වරට අද (13) පරාජයට පත්වීමත් සමඟ සන්ධාන පළාත් පාලන ආයතන 8ක සභාපතිවරුන්ට සිය තනතුරු අහිමි වී තිබෙනවා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන පළාත් පාලන ආයතන 10ක අය වැය පළමු වර ඡන්ද විමසීමේදීම පරාජයට පත්වීම විශේෂත්වයක්.

මාතර, මැදවච්චිය ප්‍රාදේශීය සභා මෙන්ම කැස්බෑව නගර සභාවේ ද  අය වැය අද (13) දෙවන වරටත් පරාජයට පත්වුණා. මැදවච්චිය ප්‍රාදේශීය සභා අය වැය දෙවනවරට එලෙස පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 3කින්. අය වැයට පක්ෂව ඡන්ද 3ක් සහ විපක්ෂව ඡන්ද 6ක් ලැබී තිබෙනවා. මාතර ප්‍රාදේශීය සභාවේ අය වැය ද දෙවන වරට අද (13) ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වුයේ වැඩි ඡන්ද 3කින්. අය වැයට පක්ෂව ඡන්ද 7ක් ලැබුණු අතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අය වැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.                                               

එමෙන්ම කැස්බෑව නගර සභාවේ අය වැය ද අද දෙවන වරට පරාජයට පත්වුයේ එක් වැඩි ඡන්දයකින්. අය වැයට විරුද්ධව ඡන්ද 9ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 8ක් පමණයි.

මීට අමතරව, අලව්ව, මීරිගම, රාජාංගනය, ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය සභා සහ පෑලියගොඩ නගර සභාවේ ද අය වැය මීට පෙර දෙවනවරටත් පරාජයට පත්වී තිබෙනවා. නව පළාත් පාලන පනතට අනුව අය වැය දෙවරක් පරාජයට පත්වූ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සිය තනතුරු අහිමි වනු ඇති.

මේ අතර, සන්ධානයට බලය හිමි බෙන්තොට ප්‍රාදේශීය සභා අය වැය ද අද පළමු වර පරාජයට පත්වුණා. ඒ, වැඩි ඡන්ද 4කින්. ඒත් සමඟ පළමුවරට අය වැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 10ක්.

බෙන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාසික රැස්වීමේදී සභාපති ගයාන් සිරිමාන්න 2014 වසර සඳහා අයවැය සභාවට ඉදිරිපත් කළා. එහිදී ඊට පක්ෂව ඡන්ද 4 ක් හා විපක්ෂව ඡන්ද 8 ක් ලැබුණා. අද (13) පැවැති ඡන්ද විමසීම රහස්‍ය ලෙස සිදුවූ බවයි එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.          

එයත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන හඟුරන්කෙත, හෝමාගම, දිඹුලාගල, බෝපේ පෝද්දල, වත්තල, ඉඹුල්පේ, උඩුදුම්බර යන ප්‍රදේශීය සභා  මෙන්ම මහනුවර, වත්තේගම යන නගර සභා ද මීට පෙර පරාජයට පත්වුණා.

එමෙන්ම, පළමුවර පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි සීතාවකපුර නගර සභාවේ අයවැය ඊයේ (12) දෙවනවරට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය ඒකඡන්දයෙන් සම්මත වුණා. මීට පෙර අවස්ථාවේදී මෙම නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාජයට පත්වු අතර, මෙවර නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනා ද අයවැයට පක්ෂව ඊයේ ඡන්දය ප්‍රකාශ කළා.

මේ අතර, මොරටුව මහ නගර සභාවේ අය වැය ඡන්ද විමසීම ද අද (13) සිදුවූ අතර එහිදී අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එහි විපක්ෂ නායක එම්.කේ. කුලරත්න පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සියලූම මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැදී නොසිටි අවස්ථාවේදී අය වැය ඡන්ද විමසීම සිදුකිරීමට නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් කටයුතු කර ඇති බවයි. මොරටුව මහනගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සමන්විතයි. කෙසේ වෙතත්, අද උදෑසන සභාව රැස්වූ අතර දහවල් ආහාර සඳහා පස්වරු 1.45ට පමණ සභා වාරය නතර කර තිබෙනවා. විපක්ෂ නායක එම්.කේ. කුලරත්න සදහන් කළේ සියලූම මන්ත්‍රීවරුන් සභා ගර්භයට පැමිණීමට පෙර නගරාධිපතිවරයා විසින් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ බවයි.

මේ හේතුව නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි මොරටුව නගර සභාවේ විපක්ෂ නායක එම්.කේ. කුලරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට බලය හිමි පස්සර පළාත් සභාවේ අය වැය ද දෙවන වර කියවීම වෙනුවට එහි සභාපතිවරයා විසින් අද ඊට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. එහිදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නැවත සංශෝධන ඉදිරිපත් කිරීමට විරෝධය පළ කළ අතර, එම අවස්ථාවේදී ඇති වුණේ නොසන්සුන් තත්ත්වයක්. පසුව සභාපතිවරයා සභා ගර්භයෙන් පිටව ගොස් ඇති අතර, උප සභාපතිවරයා සභාව කල් තබා තිබෙනවා.


මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 25 May 2020 - 10:50

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Monday, 25 May 2020 - 10:48

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.ඒ... Read More