Update : වීඩියෝ: කොළොන්නාව ශ්‍රී.ල.නි.ප. කාර්යාලය විවෘත කෙරේ.

Friday, 13 December 2013 - 21:29

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පසුගිය දා විවෘත කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර තිබෙන්නේ සාලමුල්ල - විජයපාර - අංක 68 දරණ ස්ථානයේයි. එය විවෘත කිරීමට පැමිණි කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පාක්ෂිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා. ඉන් අනතුරුවයි පක්ෂ කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ. කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම හා උදිත ලොකුබණ්ඩාර ද සහභාගි වී සිටියා. එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්. සූරියප්පෙරුම කියා සිටියේ කොළොන්නාව යනු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් බවත් එය දියුණු කිරීම සඳහා කාර්යශූර, දක්ෂ, තරුණ මන්ත්‍රීවරයෙක් පක්ෂය විසින් පත් කර ඇති බවයි.

කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා කියා සිටියේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමාව කොළොන්නාව සංවිධායකවරයා ලෙස පත් කළේ කොළොන්නාවේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීමට බවයි. කෙසේ වුවත් තමන් කොළොන්නාවට පමණක් නොව මුළු කොළඹ දිස්ත්‍රික්කයේම ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

Update : Saturday, 14 December 2013 - 8:31 AM
-------------------------------------
කොලොන්නාවේ ශ්‍රී.ල.නි.ප. කාර්යාලය විවෘත කෙරේ.

කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඊයේ විවෘත කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.



කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කෙරුණ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා කල සම්පූර්ණ කතාව පහතින්



ඡායාරූප පෙළක් පහතින්




















වෙළඳසැලක් සහ මුද්‍රණාලයක් කඩා භාණ්ඩ සහ මුදල් සොරාගෙන
Monday, 25 May 2020 - 11:43

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි... Read More

කොවිඩ්-19 වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 300 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 11:28

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More