ශ්‍රී ලංකාවට තවත් කල් දෙන්න ඕනෑ. - යසුෂි අකාශි.

Saturday, 14 December 2013 - 7:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1++%E0%B6%95%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92.
ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ බලපෑම් සම්පූර්ණයෙන් ඉවත් කිරීම කඩිනමින් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකාවේ සාමය, පුනරුත්ථාපන සහ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි පවසනවා. ජපන් තානාපති නිළ නිවසේ ඊයේ (13) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. ප්‍රතිසන්ධානය සඳහා නිශ්චිත කාලසීමා පැනවීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් හෙයින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහ කළ යුතු බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා. අලූතින් පිහිටවනු ලැබූ උතුර පළාත් සභාව හරහා ස්ථාවර සහ අනෝන්‍ය විශ්වාසයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් දෙක අතර සිදුවන බව යසුෂි අකාශි එහිදී වැඩිදුරටත් සදහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ජපන් රජය අවශ්‍ය  ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියා.


තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More