ප්‍රශ්න පත්‍රයක් රුපියල් 22,000 කට විකිණේ.

Saturday, 14 December 2013 - 12:54

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+22%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%9A.
පේරාදෙණිය - රණබිම රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පවත්වන බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයක් රුපියල් 22,000 ක මුදලකට ඇලෙවි කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ හෙට (15) දිනයේදීයි. කෙසේ වෙතත්, විභාග ප්‍රශ්න පත්‍රය උඩපේරාදෙණිය - නුවරපාරේ ඇඳුම් මසන ස්ථානයක අලෙවි කර තිබෙනවා. ඒ පිළිබඳ ලද තොරතුරකට අනුව, පොලිසිය එම ස්ථානයේ හිමිකරු ඊයේ අත්අඩංගුවට ගත්තා. ඒ අදාළ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ද සමඟයි. මෙම ප්‍රශ්න පත්‍ර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බවට පොලිසිය තහවුරු කර ගෙන ඇත්තේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ලබා ගත් එහි මුල් පිටපත් සංසන්දනය කිරීමෙන් අනතුරුවයි. ප්‍රශ්න පත්‍ර රජයට සම්බන්ධ මුද්‍රණාලයකදී මුද්‍රණය කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධියත් සමඟ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ බුද්ධි පරීක්ෂණ විභාගයට අත්හිටුවීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක පියවර ගත්තා. ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.


ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 02 July 2020 - 18:16

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More