වීඩියෝ: නොබෙදී නැගී සිටිමු. ජනපති කෙන්යාවේදී කියයි.

Saturday, 14 December 2013 - 19:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%94.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ත්‍රස්තවාදී තර්ජන පිටුදැක සාමයේ යුගයකට අවතීර්ණවී සිටින ශ්‍රී ලංකාව එක්සත්ව තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා පියනගමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙන්යාවේදී ප්‍රකාශ කළා. කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා විසින් ඊයේ පවත්වන ලද රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා සිටියේ සියලූ ජනකොටස්වලට සශ්‍රීකත්වය ඇති කිරීම සිය අරමුණ බවයි.

දශක තුනකට වැඩි කාලයක් පැවති ත්‍රස්තවාදී ව්‍යසනය අවසන් කළ ශ්‍රී ලංකාව දැන් එක් ධජයක් යටතේ නැගී සිටින රටක්. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පිටුදැකීමේදී සහ පශ්චාත් ගැටුම් සමයේ මුහුණ දෙන අභියෝග කෙන්යාව හොඳින් අවබෝධ කර ගෙන සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ජාත්‍යන්තර තලයේදී කෙන්යාව ශ්‍රී ලංකාවට දක්වන මිත්‍රත්වය සහ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී ස්තුතිය පළ කළා.
 
එහිදී අදහස් දැක්වූ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ජනතාවට සමීප වැඩපිළිවෙලක් බවයි.



ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More