වීඩීයෝ : Update : පුත්තලමේදී රිය අනතුර ගැන සෙවීමට නි. පොලිස්පතිවරයෙක්.

Sunday, 15 December 2013 - 7:46

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ නිල මෝටර්රථයේ ගැටී ත්‍රිරෝද රථයක ගමන් කළ තරුණයන් තිදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලූ කණ්ඩායමක් පත්කර තිබෙනවා. රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගේ ප්‍රධානත්වයෙනුයි මෙම කණ්ඩායම පත්කර ඇත්තේ. අද (15) අලූයම 12.30ට පමණ මෙම අනතුර සිදුවූ අතර එහිදී ජීවිතක්ෂයට පත්වූයේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙක්.  



Update : Sunday, 15 December 2013 - 2:40

-----------------------------------------------------
පොලිස් මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී 3ක් මරුට.

Sunday, 15 December 2013 - 7:46

පුත්තලම - මදුරන්කුලිය  ප්‍රදේශයේදී පොලිස් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් තරුණයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් පොලිස් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අනතුරට පත්වූ මෝටර් රථය පුත්තලම පොලිස් අධිකාරීවරයා ගමන් කරමින් සිටි මෝටර් රථයයි.