ගමේ පණිවුඩය හිතන්න. එජාපය ආණ්ඩුවට කියයි.

Sunday, 15 December 2013 - 8:10

%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ප්‍රාදේශීය සභාවල අයවැය පරාජය වීම තුළින් ආණ්ඩුවට ගමෙන් පණිවුඩයක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහනුවර - ගෙලිඔය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මාතලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ප්‍රාදේශීය සභා අයවැය පරාජය වීම රජයේ පරාජයක් නොවන බවයි.