ජිනීවා සමුළුවට පෙර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්.

Sunday, 15 December 2013 - 13:13

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ලබන මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඉලක්ක කරගෙන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් රජය විසින් දියත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇතැම් රටවල් නගන චෝදනාවලට පදනම් වී ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් සමයයි. මේ නිසා යුද්ධයේ අවසන් සමයේදී මෙන්ම ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් කටයුතු කළ ආකාරය පැහැදිළි කිරීම නව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ අරමුණයි. ඒ අනුව එම කාලය තුළ හමුදාව ක්‍රියා කළ ආකාරය දැක්වෙන වීඩියෝ පට පෙළක් සකස් කර තිබෙනවා. ඒවා විදේශයන්හි පිහිටි මෙරට රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වෙත යැවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
 
මෙම වීඩියෝ පට විදේශයන්හි පිහිටි සියලූ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වෙත යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම ප්‍රකාශ කළා. එහිදී විශේෂයෙන් බටහිර රටවල් ඉලක්ක කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.