වීඩීයෝ : Update :නෙල්සන් මැන්ඩෙලා උපන් බිමේ මිහිදන් වෙයි.

Sunday, 15 December 2013 - 13:34

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
වයස අවුරුදු 95 ක්ව සිටියදී පසුගිය දෙසැම්බර් 5 වැනිදා අභාවප්‍රාප්ත වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන්, හැදුණු - වැඩුණු කූනු ගම්මානයේදී අද (15) පස්වරුවේ සිදුකෙරුණා. තම ජාතියට ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන ආ නායකයාට උත්තමාචාර දැක්වීමට දකුණු අප්‍රිකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පෙළ ගැසුණේ අද පෙරවරුවේ සිටයි. පවුලේ සාමාජිකයන් අවසන් බුහුමන් දැක්වීමෙන් අනතුරුව මැන්ඩෙලාගේ උපන් නිවසේ තැන්පත් කර තිබූ දේහය අනතුරුව පිටතට ගෙන ආවා. රාජ්‍ය නායකයන් ඇතුළු ආරාධිතයන් 4500කට ආසන්න සංඛ්‍යාවක් මෙම උත්සවයට එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සම්ප්‍රදායට අනුව අවසන් මෙහෙය ඇරඹුණේ මැන්ඩෙලාගේ දිවි ගමන හා ජයග්‍රහණ අර්ථ ගන්වන ගීත ගායනා කරමින්. අනතුරුව වසර 26ක් මැන්ඩෙලා සමග සිර දිවිය ගෙවූ ඔහුගේ සමීතම මිතුරා අවසන් කටයුතු උත්සවය අමතනු ලැබුවා. ගීතයකින් පසුව වේදිකාවට පැමිණි මැන්ඩෙලාගේ මිණිබිරියක සිය සීයාගේ මතකය ද අවදි කළා. අප්‍රිකානු නායකයින් ද සිය අවසන් ගුණ කථනය නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් සිදුකළා. අනතුරුව සියල්ලන්ගේම සෝ සුසුම් මධ්‍යයේ මැන්ඩෙලාගේ දේහය අවසන් කටයුතු සිදුකෙරෙන භූමිය වෙත රැගෙන ගියේ සාම්ප්‍රදායානුකූලවයි.



Update : Sunday, 15 December 2013 - 5:15
-------------------------------------------------------------
නෙල්සන් මැන්ඩෙලා සිය උපන් භූමියේදීම මිහිදන් වෙයි.

වයස අවුරුදු 95 ක්ව සිටියදී පසුගිය දෙසැම්බර් 5 වැනිදා අභාවප්‍රාප්ත වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන්, හැදුණු - වැඩුණු කූනු ගම්මානයේදී මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා. රාජ්‍ය නායකයන් ඇතුළු ආරාධිතයන් 4500කට ආසන්න සංඛ්‍යාවක් මෙම උත්සවයට එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මෙම අවමංගල්‍ය උත්සවය ලොව පුරා සජීවීව විකාශය කෙරුණ ද මැන්ඩෙලාගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාව මාධ්‍ය වෙත විවෘත වූයේ නැහැ.
Sunday, 15 December 2013 - 5:15
---------------------------------------------
මැන්ඩෙලාගේ අවසන් කටයුතු ඇරඹේ.
Sunday, 15 December 2013 - 13:34

වයස අවුරුදු 95 ක්ව සිටියදී පසුගිය දෙසැම්බර් 5 වැනිදා අභාවප්‍රාප්ත වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන්, හැදුණු - වැඩුණු කූනු ගම්මානයේදී දැන් ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය නායකයන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර, මැන්ඩෙලාගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාව මාධ්‍ය වෙත විවෘත වන්නේ නැහැ.