වීඩීයෝ : Update : කෙන්යානු සංචාරය නිමවා ජනපති දිවයිනට.

Sunday, 15 December 2013 - 13:44

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update++%3A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
කෙන්යාවේ සාර්ථක සිව් දින නිළ චාරිකාවක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ථක නිළ සංචාරයක් නිමවා අද අලූයම 1.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු කෙන්යාවේ සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසයි සැළකෙන්නේ. මෙම සංචාරයේ දී දෙරට අතර ආර්ථික සංචාරක, සංස්කෘතික, තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ගිවිසුම් 8 කට අත්සන් තැබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේදී එරට ජනාධිපති උහුරු කෙන්යාටා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකළා. එහිදී දෙරටට වැදගත්වන තවත් ආර්ථික සහ දේශපාලනික කරුණු රැසක් සාකච්ඡාවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන්නැයි කෙන්යානු ජනාධිපතිවරයා වෙත ආරාධනා කර තිබෙනවා.


Update  : Monday, 16 December 2013 - 8:15
---------------------------------------------------------------------
ජනපති අද රාත්‍රියේ දිවයිනට.

කෙන්යාවේ සිව් දින රාජ්‍ය චාරිකාවක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ථක නිළ සංචාරයකින් අනතුරුව අද (15) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු කෙන්යාවේ සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ආර්ථික සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණා. කෙන්යාවේ සිව් දින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේදී එරට ජනාධිපති උහුරු කෙන්යාටා ඊයේ හමුවුණා. මීට අමතරව එරට නිදහස් දින උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගිවීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එක්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනය කෙන්යානු ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.



 Sunday, 15 December 2013 - 7:42

-----------------------------------------------------
ජනපතිගෙන් කෙන්යානු ජනපතිට ආරාධනයක්.
 
Sunday, 15 December 2013 - 13:44


අප්‍රිකාව සහ සෙසු කලාපවල රටවල් සමග පැරණි මිතුදම් අලූත් කර ගැනීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ නව දිශානතිය වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තමා 2005 වසරේදී මුල්වරට ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙම පිළිවෙත ආරම්භ කළ බවයි ජනාධිපතිවරයා කෙන්යාවේදී කියා සිටියේ. කෙන්යාවේ සිව් දින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේදී එරට ජනාධිපති උහුරු කෙන්යාටා ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

මෙම චාරිකාව දෙරට අතර නොබිඳෙන මිත්‍රත්වයට කදිම සාක්ෂියක් බව කෙන්යානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. කුමන ස්වරූපයක හෝ ත්‍රස්තවාදය අනුමත කළ නොහැකි බවත්, ඊට ගොදුරු වූවන් ලෙස උවදුරු පිටුදැකීමට අප ගෝලීය ප්‍රජාව සමඟ එක්ව ක්‍රියා කළ යුතු බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

නායකයන් දෙපල දකුණු - දකුණු සහයෝගිතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මෑතකදී අප්‍රිකානු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික හවුල්කාරිත්වය, වෙළඳාම හා ආයෝජනය ව්‍යාප්ත වීම ගැන සතුටු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

පොදුරාජ්‍ය මණ්ඩලය දේශපාලන අභිලාෂයන්ට වඩා ආර්ථික අරමුණු ඔස්සේ මෙහෙයවීම සිය අපේක්ෂාව බව ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළා. ධරණීය සංවර්ධන ප්‍රයත්නයේදී සාධාරණයේ සහ සහභාගිත්වය අවධාරණය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය කෙන්යානු ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ජනතාව මුහුණපාන ගැටලූ ආමන්ත්‍රණය කරනු පිණිස ස්ථාපනය කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ බොහෝමයක් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ඇති ආර්ථික සහ ආයෝජන ඉඩ ප්‍රස්ථා පිලිබඳව දෙරටේ නියෝජිතයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. තරඟකාරි සබඳතාවක් වෙනුවට විශාල තේ වෙළඳපොලකට එක්ව පිවිසීමට හැකිවන පරිදි පොදු ක්‍රියාමාර්ගයක් සකස් කර ගත යුතු බව මෙහිදී යෝජනා වී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එක්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනය කෙන්යානු ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.