ඇමති මහින්ද සමරසිංහගෙන් අනතුරු ඇඟවීමක්.

Sunday, 15 December 2013 - 19:10

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ ආගමික නිදහසක් නොමැති බව පවසමින් මානව හිමිකම් චෝදනා නගන බටහිර රටවල ආගමික නිදහස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බව රජය පවසනවා. මානව හිමිකම් පිළිබඳ ලක් රජයේ විශේෂ නියෝජිත, අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස ව්‍යවස්ථාව තුළින්ම ස්ථාපිත කර ඇති බවයි. පයාගල ප්‍රදේශයේ අද (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බොහෝ ඇමරිකාව සෙනෙට් මණ්ඩල රැස්වීමේදී එක් ආගමක් අදහන බවයි. නමුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එවැනි සිදුවීමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ රටවල ආගමික නිදහස නියමාකාරයෙන් සිදුනොවන බවයි. ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන ජාත්‍යන්තරයට එවැනි සිදුවීම් ඉදිරියේ දී පෙන්වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.