රජයේ ඇමතිවරයෙකුගේ නමින් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට.

Monday, 16 December 2013 - 9:25

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තායිලන්තයේ රැකියා ලබාදෙන බව  පවසා රුපියල් 15 ලක්ෂයකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මුදල් ලබා ගනිමින් සිටින අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් එම පුද්ගලයාට මීගමුව, නුගේගොඩ, අලූත්කඬේ, කුලියාපිටිය, ගම්පහ, වත්තල, කුරුණෑගල, අනුරාධපුරය යන අධිකරණවලින් විවෘත වරෙන්තු 24 කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.