කොස්ගොඩ - කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි ඇලි කැස්බෑ පැටවෙකු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොස්ගොඩ පොලීසියේ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ මධ්‍යස්ථානයේ භාරකරුගෙන් සහ එහි සේවකයින් 5 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි. කොස්ගොඩ පොලීසිය පිටුපස පිහිටි මෙම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි මෙම දුර්ලභ ගණයේ සුදු කැස්බෑ පැටවා සොරකම් කර තිබුණේ පෙරේදා (15) රාත්‍රි කාලයේදියි.
මෙම දුර්ලභ කැස්බෑවා මිලදී ගැනීම සඳහා මීට පෙර කිහිප දෙනෙකුම විමසීම් සිදුකළ බව එහි භාරකරු වන චන්ද්‍රසිරි ආබෲ කියා සිටියා. කැස්බෑවාගේ ආරක්ෂාව සඳහා මුර බල්ලෙකු ද යොදවා සිටි අතර කැස්බෑවා සොරකම් කරන්නට ඇත්තේ ජර්මන් ෂෙපර්ඞ් වර්ගයේ එම බල්ලා හඳුනන අයෙකු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය වනජීවි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් ද හිරු ප්රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද දිනයේ දී මේ පිළිබදව පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කරන බවයි.
Update : Tuesday, 17 December 2013 - 13:26
-----------------------------------------
කෝටි ගණනක් වටිනා කැස්බෑවෙකු සොරා ගනී.
කොස්ගොඩ - හිද්දරුව කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ඇලි කැස්බෑවෙකු කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (15) රාත්‍රියේ මෙම කැස්බෑවා සොරා ගෙන ගොස් ඇති බවයි. දුර්ලභ ගණයේ මෙම කැස්බෑවන් 5 දෙනෙකු පමණක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ඔවුන්ගෙන් 4 දෙනෙකුම සිටින්නේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේයි. සොරා ගත් කැස්බෑවා එම කැස්බෑවන් සිව් දෙනාගෙන් විශාලතම සත්ත්වයා වනවා.
Update : Monday, 16 December 2013 - 12:58 Pm
-----------------------------------
අධික වටිනාකමකින් යුත් සුදු කැස්බෑවෙකු අතුරුදන්.
කොස්ගොඩ - හිද්දරුව කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි දුර්ලභ ඝනයේ සුදු කැස්බෑවෙකු අතුරුදන්වී ඇති බවට එම මධ්‍යස්ථානය පවසනවා. ආරක්ෂක රැකවල් යොදා තිබියදීත් ඊයේ රාත්‍රි කාලයේ මෙම කැස්බෑව සොරකම් කර ඇති බවටයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ. මෙම කැස්බෑවාගේ වටිනාකම රුපියල් කෝටි 3 ත් 5 ත් අතර වන බව සඳහන්.
[JPG]73512_1[/JPG]
[JPG]73512_2[/JPG]
[JPG]73512_3[/JPG]
[JPG]73512_4[/JPG]

Follow US

Most Viewed Stories