කන්ටේනර් මත්ද්‍රව්‍ය සිද්ධියේ පරීක්ෂණ මදි. - හෙළ උරුමය.

Monday, 16 December 2013 - 19:19

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92.+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.
මත්කුඩු කන්ටේනර් 2ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ පිළිබද සෑහීමකට පත් විය නොහැකි බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි නායක පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ජාතික හෙළ උරුමය ලිපියක් ද යොමු කර ඇති බවයි.

මෙම මත්කුඩු තොගය නිදහස් කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් ද යොමු කර තිබුණා. මේ නිසා ධුරයෙන් ඉල්ලා අස්වී පොලිස් පරීක්ෂණවලට අග්‍රාමාත්‍යවරයා සහාය දැක්විය යුතු බවයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ. එසේම අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සේවයෙන් ඉවත් කිරීම නොව අත්අඩංගුවට ගැනීම කළ යුතු බවත් අග්‍රමාත්‍යවරයා තම ධුරයේ බලතල ඉවත් කොට තමන් මෙම ප්‍රශ්නය සඳහා මැදිහත් විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ නමුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෙම සිද්ධිය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පොලීසිය විසින් දැනටමත් ආරම්භ කර ඇති බවයි.