Update : අය වැය පැරදූ නිදහස් පක්ෂ නියෝජිතයන් ගැන තීරණය විධායක සභාවෙන්.

Tuesday, 17 December 2013 - 7:56

Update+%3A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
පළාත් පාලන ආයතනවල අය වැය පැරදවීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඔහු ප්‍රකාශ කළේ හෙට (18) පැවැත්වෙන නිදහස් පක්ෂ විධායක සභාවේදී ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ වන විට නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන 14ක අය වැය පරාජයට පත්වී ඇති අතර, ඊට එක් නගර සභාවක් ද අයත්. ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබදව සාකච්ඡාවට ලක්වුණා. එහිදී ජනාධිපතිවරයා සදහන් කළේ මේ පිළිබදව තීරණයක් ගැනීම පක්ෂය වෙත පැවරීමට තීරණය කළ බවයි.

කොළඹ මහනගර සභාවේ ලබන වසර සඳහා වන අය වැය නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් අද (17) එම සභාව වෙත ඉදිරිපත් කළා. එමෙන්ම පළමු වර පරාජයට පත්වූ වත්තල ප්‍රාදේශීය සභාවේ අය වැය අද (17) සම්මත වී තිබෙනවා.

Update : Tuesday, 17 December 2013 - 12:57 PM
---------------------------------
SLFP පළාත් පාලන නියෝජිතයන් ඉවත් කිරීමේ තීරණයක් තවම නැහැ. - ඇමති ඩලස්

පළාත් පාලන ආයතනවල අය වැය පැරදවීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඔහු ප්‍රකාශ කළේ හෙට (18) පැවැත්වෙන නිදහස් පක්ෂ විධායක සභාවේදී ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Update : Tuesday, 17 December 2013 - 11:20 AM
----------------------------------------
පුංචි ආණ්ඩු අයවැය අර්බුදය විසදීමේ බලය ශ්‍රී.ල.නි.ප.ට

පළාත් පාලන ආයතවල අය වැය පරාජයවීමේ අර්බුදය විසදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැවරීමට ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන ගණනාවක අය වැය පරාජයවීම සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි රජයේ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම ගැටළුව විසදීම සදහා මැදිහත් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම ගැටළුව විසදීමේ බලය පක්ෂය වෙත පවරා ඇති බවයි. මෙලෙස පළාත් පාලන අය වැය පරාජයට පත්වීමට හේතු කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. පළාත් පාලන ආයතන සභාපතිවරයා සහ උප සභාපතිවරයා අතර පවතින මනාප ප්‍රශ්න, ඇතැම් සභාපතිවරුන්ගේ දුෂණ සහ අක්‍රමිකතා සහ ආසන සංවිධායකවරුන්ගේ මැදිහත්වීම් මෙම තත්ත්වයට හේතුව බවයි එහිදී සාකච්ඡා වී ඇත්තේ.

මේ අතර කැබිනට් රැස්වීමේදී අදහස් දැක්වූ පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා සදහන් කර ඇත්තේ පළාත් පාලන පනතේ සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් කටයුතු කිරීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති බවයි.