වීඩීයෝ :Update :නිදහස් සෞඛ්‍ය සුරක්ෂිතයි. ජනපති

Tuesday, 17 December 2013 - 15:33

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate++%3A%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
නිදහස් සෞඛ්‍ය සේවාවේ අයිතීන් සුරක්ෂිත කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයක් අමතමින්. සෞඛ්‍ය සේවය සඳහා වෘත්තිකයන් දස දහස් හාරසිය දෙනෙකු බඳවාගැනීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයයි අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ. හෙද පුහුණුව සඳහා අලූතින් 6500 දෙනෙකු බඳවා ගැනෙන අතර පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන් 2900 දෙනෙකුට මේ යටතේ පත්වීම් හිමිවුණා. එසේම පරිපූරක වෛද්‍ය සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ ශ්‍රේණි 14 කට අදාළව පුහුණුව සඳහා 2 000 ක පිරිසක් බඳවා ගැනීමට නියමිතයි.


























Update  : Tuesday, 17 December 2013 - 08:07

------------------------------------
නිදහස් සෞඛ්‍ය සේවයේ ස්වර්ණමය යුගය අපි ඇති කළා. - ජනපති

Tuesday, 17 December 2013 - 15:33

නිදහස් සෞඛ්‍ය සේවයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේම සෞඛ්‍ය දර්ශක අතින් අද ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. සෞඛ්‍ය සේවයට සහ පුහුණුවට වෘත්තිකයින් 10,400ක් බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් රට තුළ ගොඩනැගීමට ඉකුත් වසර 7 තුළ රජයට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.