Update: ධීවරයින් නිදහස් කර නොගත්තාට ධීවර ඇමතිට විරෝධය.

Wednesday, 18 December 2013 - 13:28

Update%3A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
ඉන්දීය අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් මුදාගැනීමට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මැදිහත් නොවන බව පවසමින් ධීවරයින් පිරිසක් වෙන්නප්පුව - තෝප්පුව පාලම අසල අද විරෝධතාවයේ නිරතවුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ මාසයකට වැඩි කාලයක් ඉන්දීය අත්අඩංගුවේ පසුවන තම ධීවරයින් කඩිනමින් මුදාගැනීමට මැදිහත් වන ලෙසයි. මෙම විරෝධතාවය නිසා කොළඹ - හලාවත මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවුණා.   

විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේදී එම ස්ථානයට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු හා වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පැමිණීමත් සමග එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කෙසේ වෙතත් විරෝධතාවයට එක්ව සිටි ධීවරයින් එම ස්ථානයෙන් විසිර ගියේ ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පැමිණ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පසුගිය සඳුදා ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ විරෝධතාවට එක්ව සිටින ඇතැම් ධීවරයින් නිරාහාරව සිටිමින් මෙම විරෝධතාවයේ යෙදී සිටින බවයි.

Update: Wednesday, 18 December 2013 - 7:32

---------------------------------------------------------------------------------------------
තෝප්පුවේ ධීවරයින් වීථි බසී.

Wednesday, 18 December 2013 - 13:28

වෙන්නප්පුව - තොප්පුව මංසන්ධිය අසල ධීවරයින් පිරිසක් මාර්ගය හරස් කරමින් අද (18) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරන ලෙස සහ විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට විරෝධය පළ කරමින්.