කනංකේ මවකට සහ දියණියකට ඇසිඞ් ප්‍රහාරයක්.

Wednesday, 18 December 2013 - 18:54

%E0%B6%9A%E0%B6%B1%E0%B6%82%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මාතර - කනංකේ - පුහුලහේන ප්‍රදේශයේදී මවකට සහ ඇගේ දියණියට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් කනංකේ පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ කනංකේ - පුහුලහේන ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පීල්ල ගාව මංසන්ධිය ප්‍රදේශයේදී ඔවුන්ට මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ මව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් අද පස්වරුවේ ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. පුහුලහේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි එම මවගේ මුහුණ සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර චමිලා ලක්මාලි නැමති 27 හැවිරිදි ඇගේ දියණිය මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි. ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය නිම කර සිය මව සමග නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම ඇසිඞ් ප්‍රහාරයට ලක්ව තිබෙනවා. වැන්දඹු කාන්තාවක් වන ඇයට අවුරුදු 10 ක පමණ කුඩා දියණියක්ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ චමිලා ලක්මාලිගේ සොහොයුරෙකු වන අජිත් කුමාර කියා සිටියේ ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ දෙදෙනා මාර්ගයේ එමින් සිටියදී යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.