මිල්කෝ වර්ජනයෙන් කිරි නිෂ්පාදනයට බාධා.

Friday, 20 December 2013 - 13:04

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.
මිල්කෝ ආයතනයේ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නිසා කිරි නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. එහි නිදහස් සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් ගුණසේකර කියා සිටියේ වර්ෂ අවසාන පාරිතෝෂික දීමනාව ඇතුළු තවත් ඉල්ලීම් 6 ක් මුල්කරගනිමින් මෙම වර්ජනය දියත් කර ඇති බවයි. වර්ජනයට නාරාහේන්පිට, දිගන, පොළොන්නරුව හා අඹේවෙල කර්මාන්ත ශාලාවල සේවකයින් එක්ව සිටිනවා. සේවක ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් සමග ඊයේ පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බව ඔහු සඳහන් කළා.

මේ අතර, මිල්කෝ ආයතනය පාඩු ලබන අවස්ථාවක එහි අධ්‍යක්ෂ මණ්ඩලය අසීමිත ලෙස ¥ෂණ අක්‍රමිකතාවල යෙදෙන බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරනවා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මිල්කෝ ආයතනයේ උප සභාපති සංජය ලීලාරත්න ආයතනික මුදල්, දූෂිතව පරිහරණය කර ඇති බවයි.