EPF ගැන සෙවීමට එජාපය විශේෂ කාරක සභාවක් ඉල්ලයි.

Friday, 20 December 2013 - 13:06

EPF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
සේවක අර්ථසාධක අරමුදල ගැන සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂය අද (20) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. මෙම ඉල්ලීම සිදුකළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින්. එමෙන්ම, තමන් රඹුක්වැල්ල නමින් පදනමක් පවත්වාගෙන යන බවට කරුණු තහවුරු කළහොත් අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් වන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, එවැනි පදනමක් පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක මීට පෙර කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්. පාර්ලිමේන්තු විවාද සජීවිව විකාශය කිරීම සිදුවනවා. මේ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ චෝදනා එල්ල කරන බැවින් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කතානායකවරයාගේ අවධානය යොමුකළා. එහිදී කතානායක චමල් රාජපක්ෂ කියා සිටියේ පාර්ලිමේන්තු විවාදවලට සහභාගීවීමේදී මන්ත්‍රීවරුන් ප්‍රවේශම් සහගත ලෙස අදහස් දැක්විය යුතු බවයි.