ජයලලිතාගේ ආරාධනයෙන් මෙරට දූත පිරිසක් ඉන්දියාවට.

Saturday, 21 December 2013 - 12:52

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් මේ මස අගභාගයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ විශේෂ නියෝජිතයෙකු හරහා ලැබුණු ආරාධනාවක් මත මෙරට ධීවර අමාත්‍යාංශයේ බලධාරින් සහ ධීවර සමිති නියෝජිතයින් එම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සඳහන් කළේ එම සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර සිදුකරන ධීවර කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයින්ගේ අවධානයට යොමුකරන බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පවතින සූදානම සම්බන්ධයෙන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ ප්‍රකාශ කලේ එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

මේ අතර, ඉන්දියානු අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් 59 දෙනෙකුට තමිල්නාඩු - රාමනාදපුරම් අධිකරණය ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන ලෙස බලකරමින් ඉන්දියාවේ ඞී.එම්.කේ පක්ෂය ඊයේ එක්දින උපවාසයක නිරත වුණා.