Update : මන්නාරමේ කැණීම්වලින් අදත් හිස් කබල් 3ක් සොයා ගැනේ.

Saturday, 21 December 2013 - 14:24

Update+%3A++%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
මන්නාරම - ඒ 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ අද (22) දිනයේ දී  සිදුකළ කැණීම්වලදීත්  තවත් මිනිස් හිස්කබල් 3ක් හමුවී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ දිනයේ දී සිදුකළ කැණීම්වලදී මිනිස් හිස්කබල් 7ක් සහ තවත් අස්ථි කොටස් කිහිපයක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

පෙරේදා දිනයේ මෙම මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන් පිරිසකට මෙලෙස මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණා. ඉන්පසුව මේ පිළිබදව පොලීසිය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුවයි කැණීම් කටයුතු සිදුකිරීම ආරම්භ කළේ.

මේ අතර, මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවළේ දන්ත කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය  අජිත් ජයසේකර සඳහන් කළේ මේ වන විටත් අදාළ දන්ත කොටස් රැසක පරීක්ෂණ සිදුකර අවසන් බවයි. මාතලේ සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් කාලනිර්ණය කිරීම සඳහා චීනයේ බීජිං නුවර වෙත යැවීමට ද අධිකරණ නියෝග මත මීට පෙර කටයුතු කළා.  ඒ අනුව මාතලේ සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් 154 න් අහඹු ලෙස තෝරාගත් අස්ථි කැබලි 6ක්  බීජිං නුවර පිහිටි පරීක්ෂණාගාරයක් වෙත යැවීමට කටයුතු කර තිබෙනවා.
 
2012 වසරේ නොවැම්බර් 23 වැනි දා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි. 

Update : Sunday, 22 December 2013 - 6:52
-------------------------------------------------------------------------------------
මන්නාරමේ පොළව යටින් මිනිස් හිස් කබල් 6 ක් මතුවේ.

Saturday, 21 December 2013 - 14:24
මන්නාරම - ඒ 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ  සිදුකළ කැණීමේදී මිනිස් හිස්කබල් 6 ක් සහ තවත් අස්ථි කොටස් කිහිපයක් මේ වනවිට සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ ද ආරම්භ කර ඇති බවයි. ඊයේ (20) මෙම මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන් පිරිසකට මෙලෙස මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණා.