වීඩියෝ: ගිලෙන්න ගිය නැව අපේ තරුණයින් බේරාගනී.

Saturday, 21 December 2013 - 18:40

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
ලොව පුරා තෙල් ප්‍රවාහනය කෙරෙන නෞකාවක ඇතිවූ ජල කාන්දුවීමක් හේතුවෙන් මුහුදුබත්වීමේ අවදානමකට ලක්ව තිබූ විශාල ප්‍රමාණයේ නෞකාවක් අලූත්වැඩියා කිරීමට ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් සහ තරුණියක් සමත්වී තිබෙනවා. තූවාලූ රජයේ ධජය සහිතව දකුණු මුහුදු තීරයේ ගමන් ගනිමින් තිබූ තෙරේසා අත්ලාන්තික් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයට ජලය කාන්දුවීම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15 ක් ඈත මුහුදේ මුහුදුබත්වීමේ අවදානමට ලක්ව තිබුණේ පසුගිය 4 වැනිදායි.

නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ මුහුදේ ගැඹුර මීටර් 400 ක් පමණ වූ බවයි අලූත්වැඩියා කිරීමේ කටයුතුවල නියැලූණු ගාල්ල ප්‍රදේශයෙහි තරුණයන් සඳහන් කළේ. මෙම නෞකාවේ මෙටි‍්‍රක් ටොන් 43,000 කට ආසන්න සංඛ්‍යාවක් තෙල් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත්, නෞකාවේ හිමිකරුවන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ සහ තවත් ජාත්‍යන්තර නැව් සමාගම් කිහිපයකින් ඉල්ලා ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ජලය ඉවත් කර දෙන ලෙසයි. එහෙත් කිසිදු සමාගමක් ඊට කැමැත්ත නොදක්වා ඇති බවයි එම සමාගමේ හිමිකරු ශ්‍රී ලාංකික තරුණ පිරිසට සඳහන් කර ඇත්තේ.
 
දියයටදී සිදුකරන පෑස්සුම් ක්‍රමවේදයක් භාවිතා කරමින් නෞකාවේ අලූත්වැඩියා කටයුතු සිදුකළ බවයි නෞකාව අලූත්වැඩියා කළ තරුණ කණ්ඩායමේ නායකත්වය දැරූ චතුර ලෙනින් කුඩච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.