ප්‍රමිතියක් නැති ආහාර ගැන දැනුම් දෙන්න අංකයක්.

Sunday, 22 December 2013 - 7:41

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් වෙන් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 0112 67 61 61 දුරකථන අංකය ඇමතීමෙන් මෙම තොරතුරු ලබාදිය හැකි අතර ඒ පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැටලීම් කණ්ඩායමක් සූදානමින් සිටින බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් සඳහන් කළේ.
 
මේ අතර, කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබූ පිටකොටුවේ පිහිටි මහල් 4 කින් යුත් කල් ඉකුත් වූ ආහාර ගබඩාව තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වෙළඳ නාම 25 කට පමණ අයත් ටින් කරන ලද ආහාර ද්‍රව්‍ය, පළතුරු යුෂ, ඇතුලූ වියලි ආහාර වර්ග දස දහසක් පමණ  සොයාගෙන තිබුණා. මීට පෙර අවස්ථා කිහිපයකදී කල් ඉකුත් වූ කිරිපිටි, කුකුළු මස්, අර්තාපල්, මිරිස්කුඩු, ලූණු ඇතුළු කල් ඉකුත් වූ භාණ්ඩ රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගනු ලැබුවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන සතියේ සිට ආහාර ගබඩා කෙරෙන ස්ථාන සහ නිෂ්පාදනය කර බෙදා හරින ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ද තීරණය කර තිබෙනවා.