වීඩීයෝ : ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල අත්අඩංගුවට.

Sunday, 22 December 2013 - 12:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ඉන්දු - ලංකා ධීවර ගැටලූවට සාමකාමී විසඳුමක් ලබා ගත නොහැකි වුවහොත්, ආක්‍රමණශීලිව සිය ගණනින් පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගැනීමට රජය සූදානම් බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසනවා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවර යාත්‍රා මගින් කොල්ලකෑම එළිපිටම සිදුවන්නක්. වරකට යාත්‍රා හාර පන්සියයකින් සමන්විත ඉන්දීය යාත්‍රා මෙලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන අතර, ඉන් අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ යාත්‍රා කිහිපයක් පමණයි. එම යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගැනීමට නම් දැවැන්ත මෙහෙයුමක් දියත් කළ යුතුයි. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා ඇති බව ද ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළා.

මේ වනවිට ශ්‍රී ලාංකික ධීවරයන් 120 දෙනෙකු සහ යාත්‍රා 40 ක් ඉන්දියාව විසින් රඳවාගෙන සිටිනවා. පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 115 ක් වන අතර, ඒවායේ සිටි ධීවරයින් ගණන 426 ක්. මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් නිදහස් කර ගන්නා ලෙස ඉල්ලමින් දකුණු ඉන්දියාවේ විරෝධතා අඛන්ඩව ක්‍රියාත්මකයි. තමිල්නාඩු නාගපට්ටිනම් ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් අදත් එවැනි විරෝධතාවක නිරත වනවා. විශේෂයෙන් ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලාංකික ධීවරයන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව සඳහන්. ඔවුන්ට මූලික පහසුකම් ලබාදීම සඳහා ලක් රජය විසින් ඉන්දියාවට රුපියල් හාරලක්ෂ 57,000 ක මුදලක් ලබාදී තිබෙනවා. කෙසේ නමුත්, අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සඳහන් කළේ.