2013 පමණක් ෆේස් බුක් පැමිණිලි 2200 ක්.

Monday, 23 December 2013 - 7:43

2013+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+2200+%E0%B6%9A%E0%B7%8A.
ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2200ක් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ෆේස් බුක් සමාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් බවයි එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් ෆේස්බුක් සමාජ වෙබ් අඩවි සහ විද්‍යුත් ලිපිනයන් පරිහරණය කිරීමේදී පහසුවෙන් පිවිසිය නොහැකි ශක්තිමත් රහස්‍ය මුරපදයක් යෙදීමෙන් තමන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.