කතරගම සභාපති පහරදුන් බවට කාන්තාවකගෙන් පැමිණිල්ලක්.

Monday, 23 December 2013 - 13:01

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරදුන් බවට චෝදනා කරමින් කාන්තාවක් කතරගම පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. මේ වනවිට අදාළ කාන්තාව කතරගම දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පහරකෑමට ලක්වූ කාන්තාව වන වසන්ති එදිරිසිංහ සඳහන් කළේ කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ තිබූ ආගමික වැඩසටහනක් අවස්ථාවේදී සභාපති චානක අමිල් රංගන තමන්ට පහරදුන් බවයි. පහරදීමෙන් අනතුරුව තමන් කතරගම පොලීසියට පැමිණිල්ලක් කොට රෝහලට පැමිණි බවයි ඇය සඳහන් කළේ.   

එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගනගෙන් විමසීමක් කළා. සභාපතිවරයා සඳහන් කළේ අදාළ කාන්තාව තමන් සමග වෛරයකින් සිටින බැවින් තමන්ට විරුද්ධව මඩ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. තමන් කිසිදු පහරදීමක් සිදු නොකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිදුකළ පහරදීමකින් රෝහල් ගතකළ පුරාවිද්‍යා ව්‍යාපෘති නිලධාරියා තවමත් කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. පසුගිය 20 වැනි සිකුරාදා රුවන්වැල්ල ප්‍රදේශීය සභාවේ සභාපති එල්.එච්.සුදත් මංජුල විසින් සිදුකළ පහරදීමකින් එම පුරාවිද්‍යා ව්‍යාපෘති නිලධාරිවරයා රෝහල් ගතකරනු ලැබුවා.