තමිල්නාඩු සර්වපාක්ෂික කමිටුවක් මන්මෝහන් සිං හමුවීමට සැරසේ.

Tuesday, 24 December 2013 - 8:45

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
ධීවර ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් සර්වපාක්ෂික නියෝජිත පිරිසක් ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවීමට සූදානම් වනවා. තමිල්නාඩුවේ පාට්ටාලි මක්කල් පක්ෂයේ නායක එස්. රාමදාස් පවසන්නේ මෙම සර්ව පාක්ෂික කමිටුව කඩිනමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට කටයුතු කළ යුතු බවයි. මේ වන විට මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 140ක පමණ පිරිසක් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

35 වතාවක් පමණ තමිල්නාඩු මහඇමතිනිය මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි යොමු කර ඇති බවයි පාට්ටාලි මක්කල් පක්ෂයේ නායකයා පවසන්නේ. එහෙත් ඒ කිසිවකට ඉන්දීය මධ්‍යම රජයෙන් සුබවාදී ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙලෙස සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවීමට සූදානම් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මේ අතර, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ ඉන්දු - ලංකා ධීවර ගැටළුව විසදීම සදහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. සාකච්ඡා අසාර්ථක වුවහොත් මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.