ලක්ෂ 4ක විදේශ මුදල් සමඟ දෙදෙනෙකු දැලේ.

Tuesday, 24 December 2013 - 10:04

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+4%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
රුපියල් ලක්ෂ 4ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ මාලි සහ කැමරුන් ජාතිකයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අද (24) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති අතර, මොවුන්ගේ ගමන් මළුවල තිබී ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 40ක්, ඇමරිකානු ඩොලර් 50 නෝට්ටු 40ක් සහ ස්වීස් ෆ‍්‍රෑන්ක් 50 නෝට්ටු 12ක් සොයා ගත් බවයි ගුවන් තොටුපළ රේගුව සදහන් කළේ. සුදු පැහැති කඩදාසි විශේෂයක් ලෙස මෙම මුදල් නෝට්ටු රැගෙන විත් ඇති අතර ඒවා මතට රසායනික ද්‍රව්‍යයක් යෙදු විට මුදල් නෝට්ටු බවට පත්වන ලෙස සකස් කර තිබූ බවයි රේගුව පවසන්නේ.  සැකකරුවන්ගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ගුවන්තොටුපළ රේගුව වැඩිදුරටත් කියා සිටියා.