UPDATE:වීඩියෝ: බීමත්ව රිය පැදවූ 43 500 ක් අත්අඩංගුවට.

Tuesday, 24 December 2013 - 13:07

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+43+500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
මේ වසරේ ගතවූ කාලය තුළ බීමතින් රිය පැදවීමෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මූලස්ථානයේදී අද (24) මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ බීමතින් රිය පැදවූ රියදුරන් 43 500 ක් ගතවූ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම ඉදිරි උත්සව සමය ඉලක්ක කරගනිමින් අද (24) සිට සති දෙකක කාලයක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.



UPDATE: Tuesday, 24 December 2013 - 07:42 PM
-----------------------------------------------------
බීමත් රියදුරන් සොයා පොලීසියෙන් සති දෙකක මෙහෙයුමක්.

ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින් අද (24) සිට සති දෙකක කාලයක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ පැය 24 පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.                     

ඉදිරි උත්සව සමය තුළ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර, උත්සව සමයේ වෙළදපොළේ පවතින පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වැටලීම සදහා පාරිභෝගික අධිකාරිය සිය මෙහෙයුම් දැඩි කර තිබෙනවා. මේ සඳහා විශේෂිත දුරකථන අංකයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් හඳුන්වා දී ඇති අතර, 0771 108 892 නැමැති එම දුරකථන අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එහි සභාපති රූමි මර්ෂුක් කියා සිටියේ.