වීඩියෝ: සංගරී යළි දෙහි කපයි.

Tuesday, 24 December 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.
දෙමළ ජාතික සන්ධාන වාර්ෂික මහ සමුළුව අද (24) පෙරවරු 9. 30 ට පමණ වවුනියාව නගර සභා සංස්කෘතික රංග ශාලාවේදී එහි නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එය තවමත් අවසන්වී නොමැති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. උතුර පළාත් මහ ඇමතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුර, නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ සියලූ පළාත් සභා සහ පළාත්පාලන ආයතන නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටිනවා. ඒ, දෙමළ සන්ධානය නියෝජනය කරන සියලූ පක්ෂවල නායකයන්ද සමගයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීට මෙම සමුළුවට ආරාධනා කර නැහැ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා මෙම සමුළුවට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. මේ වනවිට දෙමළ ජාතික සන්ධානය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවටද ඔහු චෝදනා කළා.