තේරීම් කාරක සභාව ප්‍රමාණවත් නැහැ. TNA

Wednesday, 25 December 2013 - 8:06

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+TNA
වවුනියාවේ ඊයේ පැවැත්වුණු දෙමළ ජාතික සන්ධාන වාර්ෂික සමුළුවේදී ජාතික ප්‍රශ්නය විසඳීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම පිළිබඳව අවසන් තීරණයක් නොගත් බව එම සන්ධානය පවසනවා. දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ දැනට පවතින තේරීම් කාරක සභාව ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රමාණවත් නොවන බවට කරුණු සාකච්ඡා වූ බවයි.

දෙමළ ජාතික සන්ධාන වාර්ෂික මහ සමුළුව ඊයේ පෙරවරු 9. 30 ට පමණ වවුනියාව නගර සභා සංස්කෘතික රංග ශාලාවේදී එහි නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එය අවසන් වුණේ පස්වරු 6 30 ට පමණයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීට මෙම සමුළුවට ආරාධනා කර තිබුණේ නැහැ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වනවිට දෙමළ ජාතික සන්ධානය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවයි.