ශ්‍රී ලංකා විරෝධී ඬේවිඞ් කැමරන්ගේ කොටි පුල්ලි කරළියට.

Wednesday, 25 December 2013 - 12:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AC%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුළුවේදී දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් රංගනයක නිරතවූ බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ කන්සර්වේටිව් පක්ෂය සහ එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව අතර සම්බන්ධය දැන් හෙළිවී තිබෙනවා. දෙමළ බසින් පළවන අදීරු වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන සුභාෂ්කරන් අලෙයිරාජා, අගමැති කැමරන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයවීමේදි මුල්තැන ගෙන ඇති බව සඳහන්. බ්‍රිතාන්‍ය දුරකථන සමාගමක් වන ලයිකා මොබයිල් හිමිකරු වන ඔහු කන්සර්වේටිව් පක්ෂයට එක්වරකදී ලබාදී ඇති මුදල පවුම් හාරලක්ෂ විසි දහසක්. එමෙන්ම ඔහු චාල්ස් කුමරු පදනම වෙත විශාල මුදල් පරිත්‍යාගයක්ද සිදුකර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ යාපන චාරිකාව සම්බන්ධීකරණය කර ඇත්තේද සුභාෂ්කරන්ගේ ඥාණම් පදනම විසින් බව අදීරු වෙබ් අඩවිය හෙලි කළේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.