ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා ජනවාරියේ.

Wednesday, 25 December 2013 - 18:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සහයෝගීතා කමිටුවේ සාමාජිකයින් ලබන ජනවාරි මාසයේ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම කමිටුව නියෝජනය කරන දෙරටේ ධීවර සංගම් නියෝජිතයින් ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.  බොහෝදුරට එම සාකච්ඡා ජනවාරි 2 වන සතියේ දී ආරම්භ වනු ඇති බවටයි වාර්තා පළව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ද මේ බව තහවුරු කළා.
 
මේ වනවිට මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයන් 120 දෙනෙකු සහ යාත්‍රා 40 ක් ඉන්දීය අත්අඩංගුවේ පසුවනවා. එමෙන්ම පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 115 ක් වන අතර, ඒවායේ සිටි ධීවරයින් ගණන 426 ක්.