Update :වීඩියෝ: හදිසි ආපදා දැනුම්දීමට අද සිට විශේෂ දුරකථන අංකයක්.

Thursday, 26 December 2013 - 12:11

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සිය දහස් ගණනක් ජීවිත බිළිගත් රුදුරු සුනාමි රළ පහරින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් පීඩාවට පත්වී වසර 9ක් ගතවීම අද (26) අනුස්මරණය කෙරුණා. 2004 සුනාමි ව්‍යවසනයේ අනුස්මරණයට සමගාමීව සංවිධාන කෙරුණු ජාතික සුරක්ෂිත දින සැමරුම පැවැත්වුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීයි. පෙළ ගැසෙමු එක්සත්ව එක්සිත්ව දුරලන්න ආපදා යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සවය ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ ප්‍රධානත්වයෙන්. සුනාමිය ශ්‍රී ලංකාවට ළඟා වූ උදෑසන 9.25 හෝරාව සලකුණු කරමින් විනාඩි දෙකක නිහැඩියාවක් පළ කෙරුණේ ඉන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින්. අද පැවැති ජාතික සුරක්ෂිත දින සැමරුමේ දී  ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබදව දැනුම් දිය හැකි විශේෂ දුරකථන අංකයක් ද හදුන්වා දෙනු ලැබුවා. 117 එම විශේෂ දුරකථන අංකයයි.

මේ අතර, සුනාමි ව්‍යවසනයේ දී පැරෑලිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මිය ගිය පුද්ගලයින්ට පිං පැමිණවීම සඳහා ආගමික වැඩසටහන් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුණා. සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් එහි තනා ඇති ස්මාරකයට පුෂ්පෝපහාරයක් ද පැවැත්වුණා.

පැරෑලියේ දී සුනාමියෙන් අනතුරට පත් දුම්රිය සිහිපත් කරමින් පසුගිය වසරවලදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැරෑලිය දක්වා විශේෂ දුම්රියක් ධාවනය වුණා.  එහෙත් මෙවර සුනාමි අනුස්මරණයේදී එලෙස විශේෂ දුම්රියක් ධාවනය වූයේ නැහැ. අප ඒ පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහගෙන් විමසීමක් කළා. ඔහු සදහන් කළේ මෙම වසරේ දුම්රිය ධාවනය නොවූවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැරෑලිය දක්වා ඇති දුම්රිය ස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වූ බවයි.



Update : Thursday, 26 December 2013 - 12:56
----------------------------------------------
ආපදා දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්.

ඕනෑම ආපදාවක් දැනුම් දීමට අද (26) සිට නව විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 117 යන දුරකථන අංකය ඔස්සේ  ඕනෑම ආපදාවක් දැනුම් දිය හැකි බවයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන ජාතික සුරක්ෂිත දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.