ඇමරිකාවෙන් ඉරාකයට මිසයිල සහ ඩ්‍රෝන් යානා.

Friday, 27 December 2013 - 8:19

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F.
නවීන මිසයිල තොගයක් සහ ඩ්‍රෝන් යානා ඉරාකයට ලබාදීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක වෙත එල්ල කරන හෙල්ෆයර් මිසයිල 75 ක්ද ඊට ඇතුළත්. එම මිසයිල තොගය පසුගිය සතියේ ඉරාකය වෙත යැවූ බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. නියමුවන් රහිත ස්කෑන් - ඊගල් ඩ්‍රෝන් යානා පෙළක්ද ලබන වසර මුලදී ඉරාකය වෙත ලබාදීමට නියමිතයි. සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි අන්බාර් කාන්තාර ප්‍රදේශයේ අල්කයිඩා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීම සඳහා මෙම මිසයිල ලබාදුන් බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කළේ.  ඉරාකයේ ත්‍රස්ත විරෝධී සටනට ඇමරිකාව අඛණ්ඩව සහය ලබාදෙන බවත් ඇය කියා සිටියා. ඒ සඳහා ඉරාකය සහ ඇමරිකාව අතර 2008 වසරේ ගිවිසුමක්ද අත්සන් තැබුණා. සන්නද්ධ කණ්ඩායම් සමග ගැටුම්වලින් මේ වසරේදී ඉරාකයේ 8 000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙනවා.