TNA පුංචි ඡන්දය ප්‍රශ්නයක්.

Friday, 27 December 2013 - 19:01

TNA+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පළාත් පාලන ආයතන කිහිපයකම ලබන වසර සඳහා වූ අය වැය අද (27) ඉදිරිපත් කෙරුණා.  දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ අය වැය දෙවන වර සම්මත කර ගැනීමේදී අද මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තා. මෙම නගර සභාවේ දෙමළ ජාතික සන්ධානයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිටින අතර, විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු සිටිනවා. නගර සභාවේ සභාපති ආනන්ද රාජ්ගේ ආධාරකරුවන් අද අය වැය ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේම මන්ත්‍රීවරුන්  5 දෙනෙකුට  සභා ගර්භයට පැමිණීමට අවස්ථාව ලබා දී නැහැ. පසුව සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැඩි ඡන්දයෙන් ලබන වසර සඳහා වූ අය වැය සම්මත වූ බවයි. එහිදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ උදෑසන ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර නගර සභාව අසළ විශාල පිරිසක් රැදී සිටි අතර එම අවස්ථාවේ තමන් සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් නගර සභාවට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන් බවත් කෙසේ වුවත් නගරාධිපතිවරයා මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට පැමිණීමට නොහැකි වන සේ කටයුතු කළේ මීට පෙර නගර සභාව අයවැයෙන් පරාජයට පත්වූ නිසා බව තමා විශ්වාස කරන බවයි.  

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි, පුනරීන් ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වූ අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (27) පැවැත්වීමට නියමිතව තිබූ අතර උප සභාපතිවරයා විසින් මෙම යෝජනාව අපැහැදිලි බව ප්‍රකාශ කිරීමත් සමඟ එය ලබන 31 වන දාට කල් තබනු ලැබුවා.
 
මේ අතර, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය අද වැඩි ඡන්ද 3කින් සම්මත වුණා. එහෙත් උප සභාපති සහ තවත් සන්ධාන මන්ත්‍රීවරයෙක් අයවැයට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා.