වීඩීයෝ : UPDATE: දුම්රිය එන්ජිම ගිනි ගැනීම ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්.

Friday, 27 December 2013 - 20:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+UPDATE%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
වේයන්ගොඩ - වදුරව ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් ඊයේ (27) ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

මාතර සිට මහනුවර බලා ඊයේ පස්වරුවේ ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ ගින්නක් හට ගත්තා.  ඒ හේතුවෙන් කලබලයට පත්වූ මගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ දුම්රියෙන් ඉවතට පැනීමේදී අනෙක් මාර්ගයේ පැමිණි දුම්රියක ගැටීමෙන්.
 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක කියා සිටියේ සතියක් තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.



Saturday, 28 December 2013 - 12:53 PM
--------------------------------------------
වේයන්ගොඩ දුම්රිය අනතුර. - 3ක් මරුට.  

මාතර සිට මහනුවර බලා ඊයේ (27) පස්වරුවේ ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ හට ගත් ගින්නක් හේතුවෙන් කලබලයට පත්වූ මගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරු 6.50ට පමණ වේයන්ගොඩ - වදුරව ප්‍රදේශයේ දී මෙම දුම්රියේ එන්ජිමේ ගින්නක් හට ගත් අතර, එහිදී කලබලයට පත් මගීන් 3 දෙනෙකු දුම්රියෙන් ඉවතට පැන තිබෙනවා. එම අවස්ථාවේ අනෙක් පසින් වූ දුම්රිය මාර්ගයේ පැමිණි දුම්රියක ගැටීම හේතුවෙන් ඔවුන් තුන්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මිය ගිය දෙදෙනෙකු වරකාපොළ - පොරගොල්ල ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් වන අතර අනෙක් තරුණයා මහනුවර - දොලපීල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් වතුපිටිවල රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළත් බරපතල තුවාල ලබා සිටි ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූයේ නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළා.
 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න කියා සිටියේ වේයන්ගොඩ - වදුරව ප්‍රදේශයේ දී දුම්රියේ එන්ජිමේ හට ගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙකුට එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තොරතුරු වාර්තා කරන ලෙස උපදෙස් ලබාදුන් බව ද ඔහු සඳහන් කළා. අනතුරුව එම දුම්රිය එන්ජිම කොළඹට ගෙනවිත් එහි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය ගිනි ගත්තේ ද නැතිනම් බාහිර දෝෂයක් හේතුවෙන් එය ගිනි ගත්තේ ද යන්න පිළිබද පරීක්ෂා කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් සඳහන් කළේ.

Saturday, 28 December 2013 - 7:43
-----------------------------------------
වදුරව දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 3ක්.

මාතර සිට මහනුවර බලා අද (27) පස්වරුවේ ධාවනය වූ දුම්රියක එන්ජිමේ හට ගත් ගින්නක් හේතුවෙන් කලබලයට පත්වූ මගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පස්වරු 6.50 ට පමණ වේයන්ගොඩ - වදුරව ප්‍රදේශයේ දී මෙම දුම්රියේ එන්ජිමේ ගින්නක් හට ගත් අතර, එහිදී කලබලයට පත් මගීන් 3 දෙනෙකු දුම්රියෙන් ඉවතට පැන තිබෙනවා. එම අවස්ථාවේ අනෙක් දුම්රිය මාර්ගයේ පැමිණි දුම්රියේ ගැටීම හේතුවෙන් මෙම පුද්ගලයින් තුන්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විජේසුන්දර කියා සිටියේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක්, 30ක් වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 40ක් පමණ වන කාන්තාවක්.


UPDATE: Friday, 27 December 2013 - 9:50 PM
----------------------------------------------------
දුම්රිය එන්ජිමේ ගින්නක්. - කලබල වූ මගීන් 02ක් මරුට.

මාතර සිට මහනුවර බලා අද (27) පස්වරුවේ ධාවනය වූ දුම්රියක එන්ජිමේ හට ගත් ගින්නක් හේතුවෙන් කලබලයට පත්වූ මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 6.50ට පමණ වේයන්ගොඩ - වදුරව ප්‍රදේශයේ දී මෙම දුම්රියේ එන්ජිමේ ගින්නක් හට ගත් අතර, එහිදී කලබලයට පත් මගීන් 3 දෙනෙකු දුම්රියෙන් ඉවතට පැන තිබෙනවා. එම අවස්ථාවේ අනෙක් දුම්රිය මාර්ගයේ පැමිණි දුම්රියේ ගැටීම හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විජේසුන්දර කියා සිටියේ.