රන් සමඟ ශ්‍රී ලාංකිකයින් 3ක් මදුරෙයිහිදී අල්ලයි.

Saturday, 28 December 2013 - 11:11

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
කිලෝ දෙකකට ආසන්න රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපළේ දී ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පැමිණ ඇත්තේ කොළඹ සිට මදුරෙයි හරහා ඩුබායි බලා යන යානයකින්. ඔවුන් සමඟ අත්අඩංගුවට ගැනුණු රත්‍රං වල වටිනාකම ඉන්දීය රුපියල් 36 ලක්ෂයකට ආසන්නයි. මොවුන්ගේ ගමන් මළු එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කිරීමේ දී රත්‍රං තොග හමුවූ බව ඉන්දීය රේගු බලධාරීන් ප්‍රකාශ කළා.

රත්‍රං සඟවා ඇත්තේ ඔවුන්ගේ ගමන් මළුවල ආධාරක තුළයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, නීතිවිරෝධී ලෙස රන් ප්‍රවාහනය කළ අවස්ථා රැසක් මීට පෙර අනාවරණ වුවද එම සෑම අවස්ථාවකදීම පාහේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑම් 400ට අඩු රත්‍රං ප්‍රමාණයක්. ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ රන් තොගය මදුරෙයි ගුවන් තොටුපළේදී සොයා ගැනුණු විශාලතම රන් තොගය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.   
 
ඊයේ (27) දිනයේ ද ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා රන් රැගෙන යාමට උත්සාහ කළ කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මීට පෙර අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව වෙත රන් රැගෙන යාමට උත්සාහ කළ සිද්ධීන් සහ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රන් ගෙන ඒමට  උත්සාහ කළ සිද්ධීන් පිළිබද වාර්තා වුණා. මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගත් රන් ජාවාරමක තොරතුරු චෙන්නායි නුවරින් අනාවරණ වූයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු රුපියල් කෝටි 6 ක වටිනාකමකින් යුත් රන් කිලෝ 23 ක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගැනීමත් සමඟයි.