රුසියාවේ දුම්රියපලක බෝම්බ පිපිරීමක් - 18 ක් මරුට.

Sunday, 29 December 2013 - 15:35

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
දකුණු දිග රුසියාවේ වොල්ගෝග්‍රාඞ් නගරයේ දුම්රිය ස්ථානයක අද (29) සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වන්නේ. උතුරු කොකේසියානු ප්‍රදේශයට අයත් වොල්ගෝග්‍රාඞ් නගරයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාර මීට පෙර වාර්තා වී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බරයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක එහි බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.