වීඩීයෝ : ‘‘කාට්’’ මත් පැළෑටි මෙරටදී පළමු වතාවට අල්ලයි.

Monday, 30 December 2013 - 8:33

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E2%80%98%E2%80%98%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B7%91%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
කෙන්යාවේ සිට දිවයිනට රැගෙන ආ කාට් නමැති මත්කාරක පැළෑටි කිලෝග්‍රෑම් 50 ක් ගුවන්තොටුපල රේගුව අද (30) අත්අඩංගුවට ගත්තා. කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ද්‍රවිඩ තරුණයෙකු විසින් ඒවා රැගෙනවිත් ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ යළි කැනඩාවට යැවීම සඳහා මෙම පැලෑටි රැගෙන ආ බවයි. මෙම මත්කාරක පැළෑටිය ශ්‍රී ලංකාවෙන් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි ගුවන්තොටුපල රේගුව පවසන්නේ.
 
මෙම මත්කාරක පැළෑටි විශේෂය අප්‍රිකානු රටවල වගා කෙරෙන අතර, ඇතැම් අප්‍රිකානුවන් මෙය පානයක් ලෙස භාවිතා කරන බවටයි අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත්, යුරෝපා රටවල් ඇතුළු ලෝකයේ සෙසු රටවල මෙය සැලකෙන්නේ මත්කාරක තහනම් පැළෑටියක් ලෙසයි. අත්අඩංගුවට ගත් තරුණයා තවදුරටත් රේගු භාරයේ පසුවන අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමඟ ඒකාබද්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළා. මෙම පැළෑටි තොගයේ වටිනාකම තක්සේරු කිරීම මේ වනතුරුත් සිදුකර නොමැති බව ගුවන්තොටුපල රේගුව තවදුරටත් ප්‍රකාශ කළා.