මන්ත්‍රී විදුර වික්‍රමනායක ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට.

Monday, 30 December 2013 - 12:51

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබෙනවා. අද (30) උදෑසන මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගිය බවයි ඔහුගේ සමීපතමයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. හෘදයාබාධයකට ලක්වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු මන්ත්‍රීවරයා එහිදී හදිසි සැත්කමකට ද භාජනය කරනු ලැබුවා. කෙසේ නමුත්, ඔහුට තවත් සැත්කමක් සිදුකළ යුතු බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ. මන්ත්‍රීවරයා සමඟ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක  සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුව වෙත ගොස් තිබෙනවා.