වීඩීයෝ : Update : වාර්තාවට දුම්රිය වෘත්තීය සමිති අකුල් හෙළයි.

Monday, 30 December 2013 - 12:58

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%92.
රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය කිරීමේ සිද්ධියට එහි රියදුරා සහ සහයකයා වරදකරුවන් කිරීම අනුමත කළ නොහැකි බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු සම්පත් රාජිත කියා සිටියේ මේ පිළිබඳව අනෙකුත් වෘත්තීය සමිති සමගද සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.  වයික්ලාස් වර්ගයේ මෙම දුම්රිය එන්ජිම දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබුණේ මේ මස 5 වන දා අලූයම් කාලයේ දීයි. පසුව මේ පිළිබඳව සොයාබැලීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම වෙත අද භාරදුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේදියි. එම වාර්තාවට අනුව රියදුරෙකු නොමැතිව මෙම දුම්රිය එන්ජිම ධාවනය වීමට හේතුව එන්ජිම භාරව සිටි රියදුරාගේ සහ එහි සහයකයාගේ නොසැලකිලිමත්කම බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් කමිටු වාර්තාව භාරදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න කියා සිටියේ අදාළ රියදුරාට සහ සහයකයාට එල්ලවී ඇති චෝදනා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකර දඩුවම් නියම කිරීමට කටයුතු කරන බවයි.



Update : Monday, 30 December 2013 - 09:09
------------------------------------------------------------------
දුම්රිය එන්ජිම ඉබේ ගියේ රියදුරු සහ සහයකගේ නොසැලකිල්ලෙන්.

Monday, 30 December 2013 - 12:58

රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වීමට හේතුව එම දුම්රිය එන්ජිම භාරව සිටි රියදුරාගේ සහ එහි සහයකයාගේ නොසැලකිලිමත්කම බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කමිටුව අනාවරණය කරගෙන තිබෙනවා. එම ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ වාර්තාව අද (30) ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම වෙත භාරදීම ද සිදුවුණේ ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි.

වයික්ලාස් වර්ගයේ මෙම දුම්රිය එන්ජිම දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ සිට කොටුව දුම්රිය ස්ථානය පසුකරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබුණේ මේ මස 5 වන දා අලූයම් කාලයේ දීයි. ඉන් අනතුරුවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ.