Update : මිල්කෝ වර්ජනය අවසන්.

Monday, 30 December 2013 - 13:28

Update+%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
දින 13 ක් තිස්සේ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් මිල්කෝ සේවකයන් ආරම්භ කළ වර්ජනය අද (30* අවසන් වුණා. ඒ මොවුන්ගේ ඉල්ලීම්වලට මාසයක් ඇතුළත විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන මිල්කෝ ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති සුමිත් අත්තනායක කියා සිටියේ ගරුතර සංඝ රත්නය ජනාධිපතිවරයාගේ පණිවුඩයක් තමන් වෙත රැගෙන ආ බවත් ඊට ගරු කරමින් වර්ජනය අවසන් කිරීමට තමන් තීරණය කළ බවයි.   

වර්ජනය අවසන්වීමත් සමග හෙට සිට මිල්කෝ ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව  එහි උප සභාපති සංජය ලීලාරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා. හැකි ඉක්මණින් මිල්කෝ නිෂ්පාදන වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බවද උප සභාපතිවරයා එහිදී සඳහන් කළා.

මේ අතර වෙළඳපළේ මේ වනවිට කිරිපිටිවල හිඟයක් පවතින බවද වාර්තාවනවා. අප මේ සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර හා වෙළඳ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිරිපිටි සමාගම් කිරිපිටි තොග සඟවාගෙන ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් පරික්ෂන සිදුකරන බවයි. ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවෙන් මෙරටට ආනයනය කළ කිරිපිටි තොග පිළිබඳව දත්ත ලබාගෙන අදාළ සමාගම් ඒවා වෙළඳපළට නිකුත් කර ඇද්ද යන්න පිළිබඳව සොයාබැලීමක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් ඉහළ නැංවීමට සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වෙළඳ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

Update :Monday, 30 December 2013 - 9:20

------------------------------------------------------------------
මිල්කෝ සේවක වර්ජනය අවසන්.

Monday, 30 December 2013 - 13:28

දින 13 ක් තිස්සේ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් මිල්කෝ සේවකයන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ මොවුන්ගේ ඉල්ලීම්වලට මාසයක් ඇතුළත විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වීම හේතුවෙන්.