වීඩීයෝ : Update : ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ නිර්දේශ නැහැ. - ගුරු සංගම්.

Monday, 30 December 2013 - 21:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A.
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර නොමැති බව ගුරු සංගම් පවසනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ල්න් සඳහන් කළේ ඊයේ (30)  දිනයේ තම සංගමය ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරින් මුණ ගැසුණු බවයි. එහිදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම නිර්දේශ ඉදිරිපත් කර නොමැති බව අනාවරණ වූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පෙර ප්‍රකාශ කළේ 2016 වසර වන විට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. ඊයේ දිනයේ ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී ද අමාත්‍යවරයා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට පීඩාවක් නොවන පරිදි පැවැත්විය යුතු නව ක්‍රමවේදය පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

Update : Tuesday, 31 December 2013 - 7:58
----------------------------------------------------
ශිෂ්‍යත්වය ගැන විවාද කරන්න ඇමති බන්දුල සූදානම්.

Monday, 30 December 2013 - 21:03

ශිෂ්‍යත්ව විභාගය පහ වසරේදි පැවැත්විය යුත්තේ 2014 සහ 2015 යන වර්ෂ දෙකේදී පමණක් බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 2015 වසරෙන් පසු මෙම පරීක්ෂණය තවදුරටත් පැවැත්විය යුතුද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුළත්. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම 2016 වසර වනවිට භෞතික හා මානව සම්පත්වලින් සමන්විත මහින්දෝදය ද්වීතියික පාසල් 1000 ක සංවර්ධනය කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවූ පසුව මෙම නිර්දේශ ඉදිරිපත් කරන බවද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පවසනවා.

ශිෂ්‍යත්ව පරීක්ෂණය එක් ප්‍රශ්න පත්‍රයක් විය යුතු අතර එය පැයක කාලයකට සීමාවිය යුතුයි. මේ වනවිට සෑම වසරකම අගෝස්තු මාසයේ විශේෂ වශයෙන් පවත්වන ශිෂ්‍යත්ව පරීක්ෂණය වසර අවසන් වාර විභාගය සමග පවත්වන පරීක්ෂණයක් බවට පත්කළ යුතු බවයි ජාතික අධ්‍යාපන කොමිසම නිර්දේශ කර ඇත්තේ. එය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ස්වභාවයේ පරීක්ෂණයක් නොවී සාමාන්‍ය පරීක්ෂණයක් විය යුතු බවද එහි තවත් යෝජනාවක්.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 2016 වසරේ සිට  සාධන මට්ටම් මැන බැලීමේ විභාගයක් පවත්වන බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම අධ්‍යාපන වෘත්තීය සමිතිද දැඩි විරෝධයක් එල්ල කරනවා. ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේ යම් යම් දුර්වලතා තිබූ පමණින් එය සහමුලින්ම අහෝසි කර දැමීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ශිෂ්‍යත්ව විභාගයත්, උසස් පෙළ විභාගයත් සැළකිය යුත්තේ මෙරට අධ්‍යාපනයේ උසස්ම ඵලය සාමාන්‍ය පන්තියේ කුසලතා පූර්ණ දරුවන්ට අත්කරගැනීම සඳහා නිදහස් අධ්‍යාපන ක්‍රමය විසින් සකසා ඇති රන් දොරටු දෙකක් ලෙස බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ නිසා කළයුත්තේ ඒවායේ දුර්වලතා හැකිතාක් දුරට මගහැරගනිමින් තවදුරටත් ඒවා රැකගැනීම බවයි හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ පිළිබඳ සංවාදයකට පැමිණෙන ලෙස බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිලට ආරාධනයක් කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් කියන දේ තේරුම් ගත හැකි පුද්ගලයෙකු සමග පමණක් තමන් විවාද කිරීමට සූදානම් බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා කළ ආරාධනය පිළිගන්නා බවයි මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ එමෙන්ම මෙය ගුත්තිල මූසිල විවාදයක් නොවන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.