වීඩීයෝ : Update : කැත වැඩ කළ දොස්තර රිමාන්ඞ්.

Tuesday, 31 December 2013 - 9:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකාර වෛද්‍යවරයා අද (31) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කිරීම මොහුට විරුද්ධව එල්ලවී චෝදනාවයි.  

 මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි. එම රෝහලේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික ඞී.එම්. සුරවීර කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන තුරු තම වැඩවර්ජනය අත් නොහරින බවයි.

මේ අතර කොළඹ අද පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණ. එහිදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කර සිටියේ වරදකට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකගෙන් විමසීමක් කළා.  සිද්ධියට අදාළව ගතහැකි සියලූම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති හෙයින් යළි සේවයට පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.



Update : Tuesday, 31 December 2013 - 7:25
--------------------------------------------------------------
 අනුරපුර වෛද්‍යවරයා රිමාන්ඞ්.

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකාර වෛද්‍යවරයා අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කිරීම මොහුට විරුද්ධව එල්ලවී චෝදනාවයි. පසුගිය 20 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් සොයා ගනු ලැබුවා. පසුව, අනාවරණය වුණේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙම කැමරාව කාන්තා වැසිකිළිය තුළ සවි කර තිබූ බවටයි. ඒ අනුවයි එම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අද අත්අඩංගුවට ගනු ලැබුවේ.

 Tuesday, 31 December 2013 - 3:00
------------------------------------------------------------------
කාන්තා වැසිකිලියක කැමරාවක් සවි කළ අනුරපුර දොස්තර අත්අඩංගුවට.


අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුරාධපුර රෝහල් පොලිසිය විසින්. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

පසුගිය 20 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් සොයා ගනු ලැබුවා. පසුව, අනාවරණය වුණේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙම කැමරාව කාන්තා වැසිකිළිය තුළ සවි කර තිබූ බවටයි. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා.

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කළා. එය මේ වනතුරුත් ක්‍රියාත්මක වනවා. මෙම වැඩවර්ජනයෙන් රෝහල් සේවාවලට බාධා එල්ල වී තිබේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර රෝහලෙන් විමසීමක් කළා. එහිදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇතැම් ප්‍රතිකාර සේවාවලට සුළු වශයෙන් බලපෑම් එල්ල වී තිබුණ ද රෝහල් කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බවයි.
 
මෙම වැඩවර්ජනයට වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ මෙම වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කිසිදු අනුග්‍රහයක් නොමැති බවයි.

Tuesday, 31 December 2013 - 12:47
----------------------------------------------------------------
කාන්තා වැසිකිලියේ කැමරාව සවි කළ වෛද්‍යවරයා අත්අඩංගුවට.
Tuesday, 31 December 2013 - 9:50

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (31) පෙරවරුවේ අනුරාධපුර රෝහලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාරදී තිබෙනවා. පසුගිය 20 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් සොයා ගනු ලැබුවා. පසුව, අනාවරණය වුණේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙම කැමරාව කාන්තා වැසිකිළිය තුළ සවි කර තිබූ බවටයි. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් වැඩවර්ජනයක් ද ආරම්භ කළා.